
පිරිවෙන් වරුණ – 2022
දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන පිරිවෙන් වරුණ ආධ්‍යාපනික සහ සංස්කෘතික ප්‍රසංගය අතිඋත්කර්ෂවත්ව පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු සංවිධානය කරමින් පවතී. මෙම වැඩසටහන පැවැත්වෙන නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ භූමිය සහ ස්ථාන පරීක්ෂාව අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් වටිනාපහ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ ආචාර්ය බෝධාගම චන්දිම නායක මාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් 2022-03-04 වෙනි සිකුරාදා දින පවත්වන ලදි.