“සිල් සුවඳයි හෙළ දිවියයි” පිරිවෙන් ගම්මාන පිහිටුවීම සඳහා වූ ජාතික වැඩ සටහන

3

“සිල් සුවඳයි හෙළ දිවියයි” පිරිවෙන් ගම්මාන පිහිටුවීම සඳහා වූ ජාතික වැඩ සටහන

වර්තමානයේ දුර්වල වෙමින් පවතින ගමත් පන්සලත් අතර තිබූ සුවිශේෂී සබැඳියාව යළි ශක්තිමත් කිරීම සඳහා ප්‍රායෝගික දැනුමක් හා ශක්‍යතාවයක් සහිත පරමාදර්ශී සිව්වණක් පිරිසක් නිර්මාණය කිරීම උදෙසා ‘ආදර්ශ පිරිවෙන් ගම්මාන’ පිහිටුවීමේ ව්‍යාපෘතියක් සකස් කර තිබෙන අතර ඒවා පිහිටුවීමෙන් කායික හා ආධ්‍යාත්මික නිරෝගීභාවය ඇති සිව්වණක් පිරිසක් ඇති කිරීම, වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කරන හා ඊට දායක වන පිරිසක් ඇති කිරීම, සෞභාග්‍යමත් දැහැමි ආර්ථිකයක් සඳහා දායක වන පිරිසක් ඇති කිරීම, දැහැමි කලා රසාස්වාදනයට දායක වන පිරිසක් ඇති කිරීම හා පිරිවෙන් ගුරු ශිෂ්‍ය ප්‍රජාව පරමාදර්ශී ආර්ය පර්යේෂකයන් බවට පත් කිරීම අපේක්ෂිත ය.

මේ සඳහා මේ වනවිට දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය හා “හෙළ සුවය” ඍෂි නැණ සංගමය එක්ව පිරිවෙන් මට්ටමින් දැනුම්වත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙමින් පවතී.