
අනාගත පරපුරේ චින්තන විප්ලවය “චින්තාගාරය”
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිවෙස්වල රැඳී මාර්ගගත ක්‍රමයට ඒකාකාරීව අධ්‍යාපන කටයුතුවලට යොමුවීම නිසා දරුවන් කායික හා මානසික වශයෙන් ගැටලුකාරී තත්වයන්ට පත්ව සිටින බව නිරීක්ෂණය වීම නිසා දරුවන්ගේ මානසික සහනය වැඩි දියුණු කිරීමට කටයුතු සම්පාදනය විය.
දරුවන් තුළ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම සඳහා ගරු විජිත බේරුගොඩ මැතිතුමාගේ සංකල්පයක් අනුව ‘චින්තාගාරය’ නමින් වැඩසටහනක් අප අමාත්‍යාංශය මගින් දරුවන් වෙත සමීප කිරීමට කටයුතු කිරීමද පවතින තත්වය හමුවේ සිදු කළ කාලීන වැදගත්කමින් යුතු මෙහෙවරකි.